බරණැස ගුවන් මාවතක් කඩා වැටී  පිරිසක් මරුට..

ඉන්දියාවේ බරණැස ප්‍රධාන මහා මාර්ගයේ , ඉහලින් තනා තිබූ ගුවන් මාවතක කොන්ක්‍රීට් කදන් කඩා වැටීමෙන් පහලින් වූ මාර්ගයේ ගමන් ගත් වාහන කිහිපයක් යටවී ගොස් විශාල විරිසක් මරුමුවට පත්ව ඇතැයි වාර්තා වෙයි. නගරයේ ප්‍රධාන ගමන් මාර්ගයට ඉහලින් කොන්ක්‍රීට් කණු මත මෙම අතුරු මාර්ගය තනා තිබින.
 එය 'බයිපාස්' මාර්ගයක් ලෙස යොදා තිබූ අතර ජනාකීර්ණ මොහොතක සිදුවූ මෙම කඩා වැටීමෙන් පහලින් ගමන් ගත් වාහන, මෝටර් බයිසිකල් හා පයින් ගමන් ගත් මගීන් මෙම කොන්ක්‍රීට් කදන් වලින් යටවී තැලී පොඩී ගොස් ඇති බවත්, දැනට 18 දෙනෙකු මියගොස් 5 දෙනෙකුට වැඩි පිරිසක් බරපතල ලෙස තුවාල ලබා ඇති බවත් පොලිසිය ප්‍රකාශ කර තිබුනි.

එහෙත් සුන්බුන් ඉවත් කිරීම් තවමත් සිදුවන හෙයින් සැබෑ ලෙසම මිය ගිය සංඛ්‍යාව ඉහල යා හැකි බව පොලිසිය වැඩි දුරටත් පවසා ඇත. සිදුවීම ඇසින් දුටුවෙකු ප්‍රකාශ කර තිබුනේ තත්පර ගණනක් ඇතුළත සියල්ල සිදුවී හමාර වූ බවයි. මෙම ඉදිකිරීමට වගකිව යුතු රාජ්‍ය ආයතනයේ සේවක හා නිලධාරීන් 5 දෙනෙකුගේ සේවය අත් හිටුවා ඇති අතර, නිසි ප්‍රමිතියකින් තොර අමුද්‍රව්‍ය යොදා ගැනීම හා පුහුණු තාක්ෂණික නිලධාරීන් නොමැති කම හේතුවෙන් ඉන්දියාවේ මෙවන් අනතුරු රැසක්ම මීට පෙර ද සිදුවී ඇත.





Studio Talk - Practical

One Family - one class